බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

බුදු දහමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය උදෙසා ශ්‍රී ලාංකේය දායකත්වය


ආචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකය,
කොළඹ විශ්වවිද්‍යාලය.

බුදු සමයේ ආරම්භය මුල් කාලීන ව්‍යාප්තිය හා එහි මධ්‍යතන යුගයේ දේශාන්තර ව්‍යාප්තිය පිළිබඳව සංක්‍ෂිප්ත වශයෙන් වුව ද අවබෝධ කර ගැනීම මෑත කාලීන බුදු සමයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය අධ්‍යයනය කිරීමේදී මහඟු පිටිවහලක්‌ සැපයෙන බව පැවසිය යුතුය. 19 වැනි සියවසේ ශ්‍රී ලාංකේය ජාතික හා බෞද්ධ පුනරුදයේ හා තවත් බොහෝ හේතු සාධක මත බුදුÊසමය බටහිර ප්‍රචලිත වන ආකාරය පිළිබඳ පරීක්‍ෂා කර බැලීම මෙම ලිපියේ මුඛ්‍යාර්ථය වුවත් බුදු සමය දේශාටනකරණයේ ඓතිහාසික පසුබිම මඳක්‌ විමර්ශනය කර බැලීම වඩාත් ප්‍රයෝජනවත් වේ. මහාවග්ගපාලිය වාර්තා කරන අන්දමට බුදු දහම මුලින්ම අවබෝධ කර ගනු ලබනුයේ පCඳ්ච වග්ගිය භික්‍ෂුන් වහන්සේ විසින් ය. ඉන් පසු බහුජන හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්‌ඩායම ගම්, නියම්, දනව් සිසාරා ධර්ම ප්‍රචාරය කිරීමෙන් බුදු දහම ව්‍යාප්ත කරවීමේ මුල්ම පියවර තබන ලදී. ඉන් පසු බුදුරජාණන් වහන්සේ ද උරුවෙල් දනව්වට වැඩමවා උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක්‌ පිරිස දමනය කොට පැවිදි කරවා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර යෑවූහ. මුල් කාලීන ධර්මදූතයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය, වාග් චාතුර්යය හා අපරිමිත කුසලතාව නිසාම ගිsහි පැවිදි විශාල පිරිසක්‌ මෙම නව දහම වැළඳ ගත්හ. රාජ රාජ මහාමාත්‍යයන් පමණක්‌ නොව ගොවි, කම්කරු ආදී සාමාන්‍ය ජනතාව ද විශාල වශයෙන් මෙම නවමු දර්ශනය හා ප්‍රතිපදාවෙහි අනුගාමිකයෝ වූහ. ගිහි ජනතාව බහුල වශයෙන් බෞද්ධ ආගමිකයන් වීම ශාසන ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියක්‌ වශයෙන් පෙන්වා දිය හැකිය. එනම් මෙතෙක්‌ නිර්වාණය ඒකායන අරමුණ කරගත් පැවිදි පිරිසකට පමණක්‌ සීමා වී තිබුණු ශාසනය මෙලොව පරලොව උභයාර්ථ සාධනය අරමුණු කරගත් ගිහි පිරිසට ද ගැළපෙන සේ බෞද්ධ චින්තනය සකස්‌ කර ගැනීමයි. ඒ අනුව සිඟාලෝවාද, ව්‍යග්ඝපඡ්ජ, පරාභව, පත්තකම්ම යනාදී සූත්‍ර සිය ගණනක්‌ බුදු හිමියන් විසින් දේශනා කරනු ලබනුයේ මෙම නව ශාසනික ප්‍රවණතාව නිසාම ය.

බුද්ධ කාලීන බුදු සමය කොතරම් ජනප්‍රිය, ආකර්ෂණීය ඉගැන්වීමක්‌ වශයෙන් ප්‍රචලිත වුවත් එය භාරතීය මධ්‍ය දේශයෙන් බැහැරට ව්‍යාප්ත වූ බවට ඓතිහාසික සාධක නොමැති බව සාමාන්‍ය පිළිගැනීමයි. එම නිගමනය එළැඹිය හැක්‌කේ ත්‍රිපිටකාගත ආරාම, නගර, රජ, සිටු ආදී පුද්ගල නාමාදිය මෙන්ම බුද්ධ චරිතය සම්බන්ධ තොරතුරු හුදෙක්‌ම ඉන්දීය මධ්‍ය දේශය හා සම්බන්ධ වීමයි. මේ සඳහා තවත් ප්‍රබලතම සාධකයක්‌ වශයෙන් දීඝ නිකායේ ජනවසභ සූත්‍රය පෙන්වා දිය හැකිය. එහි විවිධ ජනපදවලින් මියගිය අය ගැන කියෑවෙන අතර එම පුද්ගලයන් අයත් වන ජනපද දහතුනම (13) අයත් වන්නේ භාරතීය මධ්‍ය දේශයටයි. ක්‍රි. ව. 5 ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ රචිත මහාවංශය වැනි ග්‍රන්ථ තුළ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වූ බව වාර්තා වුවත්, ඒ සම්බන්ධව කිසිදු සටහනක්‌ මුල් පාලි ත්‍රිපිටක ග්‍රන්ථ තුළ දැකිය නොහැකිය. ඒ අනුව භාරතයේ මධ්‍ය දේශයට පමණක්‌ සීමා වී තිබුණු බුදු සමය ජාත්‍යන්තර රාජ්‍යයන්ට දායාද කර දෙනුයේ ධර්මාශෝක මහාධිරාජයා විසින් ය. ක්‍රි. පූ. 3 වැනි සියවසේ තෙවැනි සංගායනාවෙන් පසු මොග්ගලීපුත්තතිස්‌ස මහතෙරුන්ගේ උපදේශකත්වයෙන් සිදු වූ මෙම මහඟු ඓතිහාසික ශාසනික කර්තව්‍යය බුදු දහම ජාත්‍යන්තරකරණයේ මුල්ම පියවර වශයෙන් පෙන්වා දිය හැකිය. භාරතය තුළත් ඉන් බැහැරත් වූ ප්‍රාදේශීය හා රාජ්‍යයන් 9 කට ධර්මදූත කණ්‌ඩායම් පිටත් කර යෑවීමෙන් වර්තමානයේ පවා ලංකාව, තායිලන්තය, බුරුමය, ලාඕස්‌, කාම්භොජ යන රටවල් ථෙරවාද බුදු සමයේ මධ්‍යස්‌ථාන වශයෙන් ක්‍රියා කරන ආකාරය ප්‍රශංසනීයයි.

බුදු දහම හා ජාත්‍යන්තර සම්බන්ධතාව ගවේෂණය කිරීමේදී මීළඟට වැදගත් වනුයේ ක්‍රි. පූ. ප්‍රථම ශත වර්ෂයේ පශ්චාත් භාගයේ හෝ ක්‍රි. ව. මුල් භාගයේදී පමණ බුදු සමය මධ්‍යාසියාව හරහා චීනය, කොරියාව හා ජපානය යන රටවල්වලට පැතිරි යැමයි.

බුදු සමයේ මෑත කාලීන ව්‍යාප්තිය

බුදු දහම කොතරම් සක්‍රීය හා ආකර්ෂණීය වුවත් එය සීමා වී තිබුණේ ආසියාවට පමණි. බුදු දහම හා මුලින්ම සම්බන්ධතා ඇති කර ගත් මුල්ම බටහිර පිරිස වශයෙන් ග්‍රීකවරුන් පිළිගැනේ. යුදකාමී මහා ඇලෙක්‌සැන්ඩර් රජතුමා නිසා ග්‍රීක සංස්‌කෘතිය ඉන්දියාවටත් එසේම ඉන්දියානු සංස්‌කෘතිය හා දර්ශනයන් බටහිර ලෝකයටත් පැතිරී යැමට මං පෙත් විවර වූයේය.

යුද්ධය කොතරම් කුරිරු වුවත් සමහර විට ඉන් සිදුවන යහපත් ප්‍රතිඵල ද වේ. රජුන් විසින් රටවල් ආක්‍රමණය කළ පසු සංස්‌කෘතික හා දාර්ශනික චින්තාවන් අතර සිදුවන සම්මිශ්‍රණය නොවැළැක්‌විය හැකිය. එසේම මුහුදු වෙළෙඳුන් හා සංචාරකයන් විසින් ද විශාල සේවයක්‌ බුදු දහම බටහිරට ව්‍යාප්ත වීම උදෙසා සිදු කළ බව පැවසිය හැකිය. මේ මාර්ගවලින් බෞද්ධ පුරාවෘත්ත, ක්‍රිස්‌තියානි පුරාවෘත්ත, බෞද්ධ භගවාන් හා බෝධිසත්ත්ව පුරාවෘත්ත ක්‍රිස්‌තියානි පුරාවෘත්ත සමඟ සම්මිශ්‍රණය වූ බව පිළිගැනේ. එනම් බර්ලාම්  සහ ජෝසµdන්  ගේ ක්‍රිස්‌තියානි පුරාවෘත්තය බෞද්ධ භගවාන් හා බෝධිසත්ත්ව පුරාවෘත්තයෙන් සකස්‌ කර ගන්නා ලද්දකි. තවත් එසේ ක්‍රිස්‌තියානි ශාන්තුවරුන් හා සම්බන්ධ කොට සංස්‌කරණය කරගත් පුරාවෘත්ත අතර හ්‍යqබර්ටුස්‌   ජූලියානුස්‌  යන ආගමික නායකයන් වැදගත් වේ. ක්‍රිස්‌තියානි දේවධර්මයට අනුව ක්‍රිස්‌තුන් වහන්සේ අසාමාන්‍ය දිව්‍යමය චරිතයකි. එසේ මූර්තිමත් කරගනු ලබනුයේ බෞද්ධ පතපොතේ එන නිග්‍රෝධමිග ජාතකයේ බලපෑමෙන් බව පැවසේ. මෙබඳු අපැහැදිලි හා එතරම් විශ්වසනීයත්වයක්‌ නොමැති සාධක මත පදනම් වූ බුදු දහම හා බටහිර ලෝක අතර සම්බන්ධතා පිළිබඳ පර්යේෂණ කොට කරුණු ඉදිරිපත් කළ දර්ශනිකයන් වශයෙන් 18, 19 සියවස්‌ තුළ විසු ස්‌කොපෙන්හුර්  සහ නීටාෂෙ  පෙන්වා දිය හැකිය.

මෑත කාලීන බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය මෙහිදී අවධාරණය කෙරේ. මීට ශතවර්ෂ දෙකහමාරකට පමණ පූර්වයේ දී බුදුq දහම නූතන ලෝකයට ව්‍යාප්ත වීමට බලපෑ හේතු සාධක රාශියක්‌ පෙන්වා දිය හැකිය. ඒවා මෙසේය.

i. බුදු දහම ඉගෙනීම සඳහා බටහිර උගතුන් තුළ ඇති වූ කැමැත්ත

ii. අනගාරික ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන ලද ජාතික හා ආගමික ක්‍රියාකාරකම්.

iii. බෞද්ධ ධර්මදූත ව්‍යාපාරයක්‌ ආරම්භ වීම විශේෂයෙන් ම ශ්‍රී ලාංකේය භික්‍ෂුන් වහන්සේ විසින්

iv බෞද්ධයන් බටහිරට විසිරී යැම.

v. ථෙරවාද මහායාන භේදය අමතක වීම.

vi. විවිධ පාරිසරික හේතු කාරණා.

අධිරාජ්‍යවාදී බටහිර ජාතීන් විසින් ගොඩනඟන ලද කොලනි ක්‍රමයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බටහිර උගතුන්ට බෞද්ධ හා හින්දු පූජනීය ග්‍රන්ථ බටහිර භාෂාවන්ට පරිවර්තනය කිරීමට අවස්‌ථාව ලැබිණි. මුලදීම ඔවුන්ගේ අතට බහුල වශයෙන් පත් වූයේ සංස්‌කෘත හා ටිබෙට්‌ බෞද්ධ ග්‍රන්ථයෝ ය. 

යුරෝපයට පාලි යන පදය දැන ගැනීමට ලැබෙනුයේ අශෝක රජතුමාගේ ශිලා ලේඛනවලින් හමු වූ zපියදස්‌සිZ යන පදය පිළිබඳ පුරාවිද්‍යාඥයන් විසින් පර්යේෂණ කිරීමට යැමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. අශෝකගේ ශිලා ලේඛන සම්බන්ධ අධ්‍යයනයන්හි ප්‍රමුඛතාවය හිමි වූයේ පුරාවිද්‍යාඥ ඡේම්ස්‌ µ්‍රsන්සෙප්ටය. zපියදස්‌සිZ යන පදය ගවේෂණය කිරීමට ලංකාවේ රචිත පාලි මහාවංශය මහඟු පිටිවහලක්‌ වූයෙන් ඉහත කී පුරාවිද්‍යාඥයන්ගේ අවධානය පාලි ග්‍රන්ථ කෙරෙහි යොමු වූයේය. පාලි සාහිත්‍යයේ වටිනාකම අවබෝධ කර ගත් ජෝර්ඡ් ටර්නර් (George Turnour ) ඉංග්‍රීසි පරිවර්තනයක්‌ සහිතව විවේචනාත්මක පාලි මහාවංශයක්‌ 1837 දී මුද්‍රණද්වාරයෙන් එළි දැක්‌වූයේය.

බුදු දහම මෑත යුගයේ ජාත්‍යන්තරකරණයට බලපෑ තවත් ප්‍රබල සාධකයක්‌ වශයෙන් දැක්‌විය හැක්‌කේ 1891 අනගාරික ධර්මපාලතුමන් විසින් ස්‌ථාපිත කරන ලද මහාබෝධි සමාගම හා ඉන් සිදු වූ සේවයයි. කිසිදු ආත්මාර්ථකාමී පටු ෙච්තනාවකින් තොරව පරම පවිත්‍ර පරමාධ්‍යාශයකින් ආරම්භ කරන ලද මෙම මහාබෝධි සමාගම ජාතික හා ආගමික වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති කළ පුනරුදය ශ්‍රී ලාංකේය බුදු දහමේ ආරක්‍ෂාව හා වර්ධනයට උපස්‌ථම්බක විය. මෙම සමාගම මගින් සිදුකළ විශාලතම සේවය නම් බුදු දහම උපන් දේශය වන ඉන්දියාවේ නැවත බුදුසමය පුනරුත්ථාපනය කිරීමයි. හින්දු මතධාරී මහන්තාගෙන් බුද්ධගයාව බේරා ගැනීම බෞද්ධලෝකයාට කළ අතිමහත්ම සේවය වශයෙන් සඳහන් කළ හැකිය.

නූතන ලෝකයට බුදු දහම හඳුන්වා දීමට නැගෙනහිර හා බටහිර බෞද්ධ භික්‍ෂුන් වහන්සේගෙන් සිදු වූ සේවය අප්‍රමාණයි. මහා බ්‍රිතාන්‍යයේ බිහි වූ ආනන්ද මෙන්තෙයH (Allan Bennet) ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා මහ බ්‍රිතාන්‍යය තුළ බුදු දහම ප්‍රචලිත කිරීමට ඉමහත් කැපවීමක්‌ කළ භික්‍ෂුවකි. ජාත්‍යන්තර කීර්තියට ශ්‍රී ලාංකේය භික්‍ෂුන් වහන්සේ රාශියක්‌ බුදු සමය ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූහ.

උන්වහන්සේ අතර නාරද, පියදස්‌සි, කිරින්දේ ධම්මානන්ද. හම්මලවල සද්ධාතිස්‌ස, බළන්ගොඩ ආනන්ද මෛත්‍රය යනාදී දැන උගත් ධර්මධර, විනයධර භික්‍ෂුන් වහන්සේ ප්‍රධාන වෙති. ධර්ම දේශනා කිරීම, පිරිත් කීම, පොත්පත් රචනා කිරීම විවිධ ආගමික හා ශාස්‌ත්‍රීය කටයුතු මගින් බටහිර ජනතාවට ධර්ම රසඥතාව ජනිත කරවූවා පමණක්‌ නොව ථේරවාද විහාරස්‌ථාන රාශියක්‌ යුරෝපය පුරා බිහි කිරීමට හැකියාව ලැබිණි.

බෞද්ධයන්ගේ දේශාන්තර සංක්‍රමණ බුදු දහමේ ජාත්‍යන්තර ව්‍යාප්තියට තුඩුදුන් තවත් ප්‍රබල සාධකයක්‌ වශයෙන් පෙන්වා දිය හැකිය. දේශපාලන කැරළිකෝලාහල හා යුද්ධමය පසුබිම යටතේ ජනතාව ඒ ඒ රටවල් අතහැර වෙනත් රාජ්‍යයන්ට සංක්‍රමණය වීමේ දී තම සංස්‌කෘතික ආගමික විශ්වාසයන්ද රැගෙන යති. ඒ අනුව 1949 චීනයේ අභ්‍යන්තර කැරලිකෝලහාල ද 1959 ටිබෙටයෙ යුදමය වාතාවරණය ද, 1970 දශකයේ වියට්‌නාම් කාම්බෝජ හා ලාඔස්‌ යන බෞද්ධ රාජ්‍යයන්හි සිදු වූ අභ්‍යන්තර දේශපාලන හා යුදමය නොසන්සුන්තාවන් ද විශාල වශයෙන් බෞද්ධයෝ තම උපන් භූමින් අතහැර යුරෝපීය රටවලට සංක්‍රමණය වීමට හේතු විය. එකී සාංක්‍රමණික ජනතාව අතරට බෞද්ධ භික්‍ෂුන් ද අයත් වීම නිසා ඒ ඒ ප්‍රදේශවල බෞද්ධාගමික සිද්ධස්‌ථාන ඉදි කර ගන්නා ලදී. දලයි ලාමාතුමා ඉන්දියාවට පැමිණ පදිංචි වීමෙන් වර්තමාන ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ටිබෙට්‌ බුදු සමය මුල් බැස ගෙන තිබෙන ආකාරය මැනවින් දැක ගත හැකිය. නේපාලයේ කත්මණ්‌ඩු නගරය අවට කඳුවැටිවල ගුරු පැහැයෙන් ඉදිකර තිබෙන ලාමා පන්සල් නේපාලයට ටිබෙට්‌ බුදු දහමේ බලපෑම කෙතරම් දැයි සිතා ගත හැකිය. 

ජපානයට පමණක්‌ සීමා වී තිබුණු සෙන් බුදු දහම යුරෝපයට හඳුන්වා දෙනු ලැබුයේ ජපන් ජාතික ඩී. ටී. සුසුකි නම් අද්විතීය විද්වතා විසිනි. 1883 බ්‍රන්යු නන්ජියෝ විසින් සකස්‌ කරන ලද චීන ත්‍රිපිටක ග්‍රන්ථ නාමාවලිය (Catalogue of the Chinese Tripitake) චීන බෞද්ධ අධ්‍යයන ප්‍රචලිත වීමට පිටිවහලක්‌ විය.

එකම භික්‍ෂු ශාසනය දෙවන සංගයනාවෙන් පසු විවිධ වූ දාර්ශනික හා සම්ප්‍රදායයන් ඔස්‌සේ බෙදී වෙන් වී යන ආකාරය ක්‍රිස්‌තු වර්ෂය ආරම්භයට පෙර සිටම දැක ගත හැකිය. එය ක්‍රිස්‌තු වර්ෂ 1 වැනි සියවසේ පමණ සිව්වන සංගායනාවෙන් පසු පැහැදිලි ලෙසට මහායාන හා හීනයාන වශයෙන් ප්‍රධාන ප්‍රවාහයන් දෙකකට බෙදී වෙන් වී ගියේය. නිර්වාණය අරමුණු කොට අර්හත් යානය පිළිගත් පිරිස හීනයාන ගණයටත් බුද්ධත්වය පරමාර්ථය කොට බෝධිසත්ව යානය පිළිගත් පිරිස මහායාන ගණයටත් අයත් විය. එකම ශාස්‌තෘන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වීම නිසා මෙම සම්ප්‍රදාය දෙකම බුදු දහමේ මූලික සිද්ධාන්ත අවිවාදයෙන් පිළිගනී. ථේරවාද බුදු සමය දකුණු ආසියානු කලාපීය රටවල ඉතා හොඳින් ආධිපත්‍ය පතුරුවා ගත් අතර මහායාන බුදු සමය නැගෙනහිර ආසියානු රටවල්වල බලය හිමිකර ගනු ලැබුයේ මහායාන බුදු දහම මගිනි. මෙම සම්ප්‍රදාය දෙකෙහි සාමග්‍රිය බුදු සමය ආසියානු ජනතාවගේ සිතුම් පැතුම් හා ජීවිතය සකස්‌ කරන ප්‍රධාන බලවේගය නොඅනුමානය. වර්තමානයේ මහායාන හීනයාන භේදයකින් තොරව බෞද්ධ රටවල් සාකච්ඡා සම්මන්ත්‍රණ හා ශිෂ්‍ය හුවමාරු ක්‍රමාදිය තුළින් ඒකරාශි වෙමින් අගය කළ යුත්තකි.

ඉහත සඳහන් කළ හේතු සාධක හැරුණු විට බුදු සමය ජාත්‍යන්තරකරණයට තුඩු දුන් තවත් හේතු කාරක රාශියක්‌ විද්‍යමාන බව පැවැසිය හැක. ඒ අතර තාක්‍ෂණික දියුණුව ගමනාගමන පහසුව, ගෝලීයකරණය ඒ ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස්‌ චින්තනයත්, දේවවාදයෙන් හෙම්බත්වීමාදී කාරණා රාශියක්‌ මෙම බෞද්ධ දර්ශනය වෙත ඇදී ඒමට යුරෝපීය ජනතාව පෙළඹූ බව ඉතා සියුම්ව පරීක්‍ෂා කිරීමෙන් පෙනී යන්නකි.

එසේම, ස්‌වභාවික විපත් යුද කෝලාහාල, කාර්ය බහුලත්වය, ආතතිය, ආර්ථික හීනතාවයන් හා නොයෙකුත් භයානක ලෙඩ රෝගාදිය ද එක්‌තරා මට්‌ටමකට මිනිසා ආගම දහමට යොමු කරවන සාධක වශයෙන් දැක්‌විය හැකිය. බුදු දහමේ ආගමික සැනසිල්ල සමහර විට විදේශීය ජනතාවට යම් ආශිර්වාදයක්‌ හෝ සහනයක්‌ ලබා දීමට සමත් වූවාට සැක නැත. එසේම, මෑත යුගයේ ලෝකයේ ඉතා ජනප්‍රියව ප්‍රචලිත වූ මනෝවිද්‍යාත්මක පර්යේෂණ හා සම්බන්ධ කෘති පල වීම නිසා බුදු දහමේ පුනර්භවය, කර්මය වැනි සංකල්ප පිළිබඳ විශ්වසනීය අර්ථකථනයන් බිහි වීම යුරෝපීය ශාස්‌ත්‍රඥයන් ආකර්ෂණය කර ගැනීමටත් ආගමික සහනය සොයන්නවුන්ගේ විශ්වසනීයත්වය වර්ධනය වීමටත් හේතු වන්නට ඇත. එඩ්ගාර් කේෂි, ඇලන් වැම්බො, මීනා ෂර්මිනා යනාදි බොහෝ බටහිර මනෝ විද්‍යාඥයන්ගෙන් සිදු වූ සේවය අප්‍රමාණය.

free counters