බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

සත්‍යය වූ එකම දහම

තම සියලුසැප සම්පත් අතහැර ලංකාවට පැමිණ බුදු දහම වැළදගත් විදේශික 
කාන්තාවන් දෙදෙනෙකු සසුන් ගත කිරීමේ විශේෂ පිංකමක් ඊයේ හොරණ ඔලබොඩුව ඛේමා ආර්යා භාවනා මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා.මේ එක් කාත්තාවක ඉතාලි ජාතික මහාචාර්ය වරියකි. අනෙක් තැනැත්තිය ජර්මනියේ වෛද්‍යවරියකි. 

සසුන්ගත වු විදේශික භික්ෂුනීන් මෙහිදී පැවසුවේ තමන්ට නිර්වාණය අවබෝධකර ගැනිමටත් වඩා වීර්යය වැඩීමට සිත පුරුදු පුහුණු කිරීම ඇති ආශාව මෙලෙස සසුන් ගත වීමට උනන්දු කර වු බවය.

සසුන් ගත වීමට පෙර සිටම සිදු කළ භාවනා පුරුදු කිරීම් හේතුවෙන් තමන්ට මේ වන විටද එක දිගට පැය 4 ක් 5 ක් වුවත් එකම ඉරියව්වකින් සිටීමේ හැකියාව ලැබී ඇති බවත් භාවනා ක්‍රම මගින් තව දුරටත් එය වර්ධනය කර නිර්වාණයට යායුතු මග අවබෝධ කර ගැනීම තමන් වහන්සේලාගේ අරමුණ බව ද ඔවුන් පවසා තිබුණා.

මේ ආකාරයට සසුන් ගතවුයේ තායිවානයේ ධර්මඩ්‍රම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන ඉතාලි ජාතික ජුලියානා (32) ජර්මන් ජාතික වෛද්‍යවරියක වන 42 හැවිරිදි හෙඩ්විග් යන අයයි. ඔවුන් ඉතාලියේ ධම්මදින්නා  භික්ෂුනිය හා ජර්මනියේ වජිරා භික්ෂුනිය ලෙසද ශාසනයට එකතු වුණා.



free counters