බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

කොන්ගෝවෙත් ථෙරවාදි පන්සලක්


අප්‍රිකාවේ කොන්ගෝවේ ථේරවාදී හාමුදුරු නමක් සියලුම බෞද්ධ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.  
උන්වහන්සේ පැවිදි වුයේ මිට වසර පහකට පමණ පෙරදීය.  උන්වහන්සේගේ නම බෝධිරාජ හිමිය. දැනට කොන්ගෝ නගර හතරක  උන්වහන්සේ  මේ වනවිට විහාරස්ථාන හතරක්  ඉදිකර ඇත. ටැන්සානියාවේ වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන්ගේ අනුසාසනා මත කටයුතු කරන  උන්වහන්සේ  කොන්ගෝ වැසියන් විශාල ප්‍රමාණයක්  මේ වනවිට  බෞද්ධ දර්ශනයට එක්කර ගැනීමට සමත්ව සිටිති.
පසුගිය මාසයේ චීනයේ පැවැති බෞද්ධ සම්මේලනයකටද සහභාගිවූ  උන්වහන්සේ සැප්තම්බෙර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධ සම්මේලනයකටද සහභාගිවීමට නියමිතය.  ටැන්සානියාවේ 1920 දී රෝපණය කර ඇති පුරාණ බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි ශාකාවක් මෑතදී එහි වැඩ වසන වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන් වෙතින් ලබාගත්  උන්වහන්සේ එයද කොන්ගෝවල රෝපණය කළහ.
මුන් වහන්සේ ඉතාමත් සංඝ ශෝභන ගුණයන්ගෙන් යුක්තවූ ආදර්ශමත් හිමිනමකි. 

 2013 ජූලි මස 19 ලංකාදීප

free counters