බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

ටැන්සානියා පන්සල


ටැන්සානියාවේ දාර් එස් සලාම් අගනුවර සිංහල බෞද්ධ සංගමය 1927 දී ථෙරවාදී බෞද්ධ විහාරයක් ඇරැඹීය.
අප්‍රිකාවේ පැරණිම විහාරස්ථානය මෙයයි. බෝධිය රෝපණය කැරුණේ 1920 දීය.
විහාර මන්දිරය විවෘත වුයේ 1956 දීය. දාර් එස් සලාම් නුවර ශ්‍රී ලාංකිකයෝ 120 ක් පමණ සිටිති. ඔවුහු පන්සලේ දායකයෝය.
ඉලුක්පිටියේ පඤ්ඥාසේකර නාහිමියෝ 1998 සිට විහාරාධිපති ලෙස කටයුතු කරති. ඒ හිමියෝ අනාථ නිවායක්ද පවත්වාගෙන යති.
 දැනට එහි දරුවෝ 70 දෙනෙක් සිටිති.දරුවන් 150 දෙනකුට රැකවරණ සැළැසීමට බලාපොරොත්තුවන බව පඤ්ඥාසේකර හිමියෝ කියති.
මහින්ද රාජපක්ෂ ජනපති සිය ටැන්සානියා සංචාරයේදී මෙම පන්සලට ගියේය.ළමා නිවාසයට විදුලි ජනන යන්ත්‍රයක්ද පිරිනැමිය.
2013 ජූලි මස 08

Pannasekara.com






free counters