බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

චීන ජාතික පවුලක්ම ලංකාවේදී පැවිදි බිමට


වෛද්‍යවරුන්, නීතිඥයන්, මහාචාර්යවරුන් ඇතුළු පිරිසක්ද මහණ වෙති
ඉතිහාසයේ අද්භූතම       ක්‍රියාවලියකින් පිරුණු යුගයකයි අද       අපි ජීවත්වෙන්නේ. කාර්මික ඥානය තුළින් විශ්වය ජය ගැනීමට මිනිසා මහත් පරිශ්‍රයක් දරනවා එක පැත්තකින් භෞතික දියුණුව ශීඝ්‍රයෙන් නැගී යන අතරේ මිනිසාගේ ගුණ දහම් පහළටම ගලා ගෙන යනවා. මේ සියල්ල හමුවේ සිරවුණු අපි ගමන් කරන්නේ කොහේටද කියල අපිවත් දන්නේ නැහැ. අපේ කුඩා දරුවනුත් අපි වගේම කායික මෙන්ම මානසිකව මහත් පීඩාවක් වින්දා. ඒ නිසා මේ සියල්ල අත්හැරලා අපේ මුලු පවුලම සිතට සැනසිල්ල ලබාගන්න පැවිදි වෙන්න තීරණය කළා”

චීන ජාතික ගුණරතන හිමියෝ සැනසුම් සුසුමක් හෙළමින් අප සමග එසේ පැවසුවේ ගිහිකළ තම පුතණුවන් වූ කුඩා සාමණේර හිමිවරුන් දෙනමගේ හිස පිරිමදිමිනි.

ගුණරතන හිමියන්ගේ උපන් රට මැ‍ලේසියාවය. උපතින්ම බෞද්ධයෙක් වූ ඔහු චීන ජාතිකයෙකි. වොන්ග් කා වෙයි (ඹධදඨ ඬචපඹචඪ) ගුණරතන හිමිගේ ගිහිනමය. 47 වෙනි වියේ පසුවූ, වොන්ග් මහතා රැකියාව වශයෙන් මැ‍ලේසියාවේ රක්ෂණ සමාගමක ඉහළ නිලයක් දැරීය. ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ටෙචින්ග් (ඊඥඩ ජඩඪදඨ) ගෘහණියක ලෙස ගේ දොර වැඩ පළ කරගෙන සිටියාය. දස හැවිරිදි වොන්ග්යු ෆායි (ඹධදඨ රභ ටචඪ), අට හැවිරිදී වොන්ස් යු මින්ස්(එධදඨ රභ ථඪදඵ)මැ‍ලේසියාවේ පාසල් අධ්‍යාපනය ලැබූහ. 
මේ අය සිය ආගමික කටයුතු සඳහා නිතර ගියේ මැ‍ලේසියාවේ පිනදන්හි ශ්‍රී මහින්දාරාම-යටය. එය ථෙරවාද සම්ප්‍රදායට අයත් ශ්‍රී ලංකා විහාරයකි. විහාරාධිපති ධුරය හොබවන්නේ ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිපාණෝය.
සෑම දිනකම යන්ත්‍ර මෙන් ජීවිතය ගෙවන වොන්ග් පවුල එකිනෙකාට නිදහසේ කතා කිරීමට වෙලාවක් පවා නොලබා අවිවේකී ජීවිතයක් ගත කළහ. පවු‍ලේ සිවු දෙනා එකට එකතුවෙන දිනක් වේ නම් ඒ දිනය ඔවුන් වෙන් කරන්නේ මහින්දාරාමයේ ගත කිරීමටයි. 
විහාරාධිපති ඉන්දරතන නාහිමියන් ඇතුළු සඟරුවන ඉතා සැහැල්ලු දිවියක් ගෙවන ආකාරය ඔවුහු නිතර නිරීක්ෂණය කළහ. තමන්ට කොතරම් මුදල් හදල් තිබුණත් තමන් ගත කරන්නේ මහ පීඩාකාරී දිවියක් බව වොන්ග් (ඹධදඨ) වටහා ගත්තේය.
එහෙත් ඔහුට පෙර ඔහුගේ වැඩිමහල් පුතණුවන් ඉස්සර විය. තමන්ට මහණ වෙන්න ඕනෑ යැයි වැඩිමල් පුතු (ඹධදඨ රභ ටචඪ) ඇවිටිලි කරන්න විය වැඩි දිනක් ගතවීමට පෙර අයියාගේ ඉල්ලීමට මල්ලීගේ (ඹධදඨ රභ ථඪදඵ) සහය ලැබිණි. අයියා සමග මල්ලිටද මහණ වෙන්න උවමනා විය. මේ ඉල්ලීම් හමුවේ වොන්ග් නිහඬව බලා සිටියේය. එහෙත් වැඩි දිනක් ඔහුට එලෙස නිහ¼ඩව සිටීමට නොහැකි විය. ඒ තරමට ඉල්ලීම ප්‍රබල විය. ඒ පුතුන්ගේ ඉල්ලීමට ඔවුන්ගේ මෑණියන්ද (ඊඥඩ ජඩඪදඨ) එක්ව සිටීම නිසාය. 
පුතුන් දෙදෙනා සමග සිය බිරියටද පැවිදි වීමට අවශ්‍යයැයි කරන බලවත් ඉල්ලීම හමුවේ වොන්ග් මහතා තීරණයක් ගත්තේය. ඒ ඔහුද පැවිදි වීමට සිතා ගැනීමය. 
වොන්ග් පවුලම පැවිදි වීමේ අදහස ඇසූ ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියන් ඔවුන්ව මැ‍ලේසියාවේදි පැවිදි කිරීමට අදහස් කළත් වොන්ග් පවුල එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. 
නිර්මල නිරවුල් දහම තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කියල අපි දන්නවා. ඒ වගේම බුදු හාමුදුරුවන්ගේ දන්ත ධාතුව ඇතුළු පූජනීය වස්තු වැඩි පුරම වැඩ සිටින්නේ ලංකාවේ කියලා අපි අහල තිබුණා. ඒ නිසා ඉන්දරතන හාමුදුරුවන්ට කිව්වා අපිව ලංකාවේදි පැවිදි කරන්න කියලා. ඒ අනුව තමයි අද මේ පැවිදි වෙලා අපි සැනසිල්‍ලේ ඉන්නේ. ගුණරතන හිමි කියයි. පුදුම සැනසීමක් දැන් දැනෙන්නේ. අපි ගත්ත තීරණය හරිම නිවැරදියි. වෙනදා අපිට අපි ගැනවත් හිතන්න වෙලාවක් නෑ. ඔළුව ගිනි අරන් වගේ. දැනෙන්නේ. දකින්නේ මහා කලබල දේවල්. ඇත්තට ලංකාව හරිම හොඳ මිනිසුන් ඉන්න රටක්. 
මේ වගේ උතුම් රටක අපේ මුළු පවුලටම පැවිදි වෙන්න ලැබිම මහා වාසනාවක්. අපි මේ තීරණය ගන්න පමා වීම ගැන නම් කනගාටුවක් දැනෙනවා. යැයි දසසිල් මාතාවක් වූ ටේචින්ග් (ඊඥඩ ජඩඪදඨ)අප සමග පැවැසුවාය. ඇගේ අද නම ප්‍රජාපතිය.
ප්‍රජාපති දසසිල් මාතාව පැවිදි වූ ගිහිකළ සැමියා ද දරුවන්ගෙන් ද වෙන්ව වෙනම භාවනා කුටියක බවුන් වඩමින් නිවන් මගට පියවර තබමින් සිටින්නීය.
වොන්ග් පවුල ශ්‍රී ලංකාවේදි පැවිදි වූ දිනම මැ‍ලේසියාවේ සිට පැමිණි චීන ජාතික කාන්තාවන් 50ක් පමණ හිස මුඩු කර දසසිල් මාතාවෝ වූහ. එසේම පිරිමි විසි දෙනෙක් පමණ පැවිදි දිවියට එක් වූහ.
මෙම පිරිස අතරේ මහාචාර්යවරු නීතිඥවරු හා වෛද්‍යවරු වෙති. 
ජපානයේ කෙයොටෝ (ම්රධබධ) විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන කරුණා හුන්ග් යුන් (ම්චපභදච ඩ්භචදඨ කභද) චීන ජාතික තරුණියකි. සසර කෙටි කර ගැනීමේ මගට පිවිසීමට ඇය තෝරා ගත්තේ ශ්‍රී ලංකාවේදී දසසිල් මාතාවක් වීමෙනි.
විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින විට විද්‍යාත්මක කරුණු තව තව අධ්‍යයනය කරද්දී අපට නිතර පසක් වන්නේ බුදු දහමේ සත්‍යතාවයි. ඒ සත්‍යයෙන්. පිට පනින්න කිසිම විද්‍යාඥයකුට බැහැ. මිනිස් මොළයකින් විග්‍රහකළ නොහැකි තරම් සංකීර්ණ අද්භූත යන්ත්‍ර සූත්‍ර මිනිසා විසින්ම අද නිපදවනු ලැබ තිබෙනවා. මේ සියල්ල සොයා ගැනීමේ පරාමර්ථය හැටියට සැලකේනනේ මිනිසාගේ ආරක්ෂාවත් සුඛෝභෝගී ජීවිතයකට අවශය පහසුකම් සැලසිමත්, යන කරුණුයි. 
නමුත් අවාසනාවකට මේ සියල්ලම යොදා ගන්නේ මිනිසාගේම විනාශයටයි. මෙය තාමත් මිනිසුන් තේරුම් අරන් නැහැ. මේ තරගකාරී සමාජය තුළ එවැන්නක් තේරුම් ගැනීමට තරම් මිනිසාට මානසික විවේකයක් නැහැ. 
මම ජපන් සරසවියේ වසර ගණනාවක සිට මහාචාර්යවරියක් ලෙස සේවය කරනවා. කිසිම භෞතික සම්පතකින් මට අඩුවක් නෑ. මිල මුදලින් පවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මට සිතේ සැනසිම නැහැ. ඒ සැනසිම සොයා සිත ආධ්‍යාත්මික වශයෙන්් ශක්තිමත් කරගන්න තමයි මම දසසිල් මාතාවක් වීමට තීරණය කළේ. ඒ සඳහා ලංකාව තරම් සුදුසු වෙනත් රටක් මම නම් දන්නේ නැහැ. ලංකාවට අපි ආදරය කරනවා වගේම ලංකාවට විශාල ලෙස ගරු කරනවා. ඊට හේතුව නිර්මල බුදු දහමයි. අද මම ඉන්නේ පුදුම සැනසීමකින් යැයි මහාචාර්ය කරුණා දසසිල් මාතාව අප සමග පැවසුවාය.
මෙම පැවිදි වූ දසසිල් මාතාවන් වූ පිරිසේ විවිධ වයස් කාණ්ඩයන්ට අයත් අය වූහ. අවුරුදු 8 සිට අවුරුදු 85දක්වා වයසැති අය එහි වූහ. පැවිදි බිමට පත් වැඩිමහල් චීන ජාතිකයාගේ වයස අවුරුදු 85කි. හේ කෙහේ යෙහෙගන් (ම්ඩධධ කඥධ ට්චද ඩ්ධදඨ) නම් විය. 
ආධ්‍යාත්මික සුවය සොයා සිරිලකට පැමිණි මේ පිරිසට නායකත්වය දුන්නේ මැ‍ලේසියාවේ පිනෑන්ග් හි ශ්‍රී මහින්දරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියෝය.
උන්වහන්සේ පවසන්නේ ශ්‍රී ලංකාවේදි පැවිදි වීමට මීට වඩා පිරිසක් ඒමට කැමැත්තෙන සිටියත් කටයුතු සංවිධානය කර ගැනීමට ඇති දුෂ්කර නිසා පිරිස සීමා කිරීමට සිදු වූ බවය. 
අපේ මැ‍ලේසියාවේ පන්සලට දහස් ගණන් චීන බෞද්ධයෝ එනවා. 
මේ අය අතරේ පැවිදි වීමට කැමැත්තක් දක්වන අය ඉන්නවා. මැ‍ලේසියාවේදි පැවිදි වීමට වඩා ලංකාවේදී පැවිදි වෙන්නයි මේ අය කැමැත්තක් දක්වන්නේ. ඒ නිසා පසුගිය වසරේදීත් මෙවැනිම කණ්ඩායමක් රැගෙන විත් ‍පොළොන්නරුව ගල් විහාරයේදි පැවිදි කළා. මේ වැඩසටහන දැන් මට සෑම වසරකම කරන්න සිදුවී තිබෙනවා. පැවිදි පින්කම ආරම්භ කිරීමට පෙරම ලබන වසරේදී පැවිදි වන අයගේ නාම ‍ලේඛනයක් දැන් මට ලැබිලා තිබෙන්නේ. 
මේ මිනිසුන් කොතරම් සුඛෝභෝගී ජීවිත ගත කළත් හිතට කිසිම සැනසිල්ලක් නැහැ. 
හිතේ සැනසිල්ල කියන දේ මුදලට ගන්න බැහැනේ. ඒ නිසා තමයි මේ අය තමන්ගේ සියලු සම්පත් අත්හැරලා මේ සැහැල්ලු දිවියට ඇතුළත් වුණේ. මේ පැවිදි වුණු කීප දෙනෙක්ම කඳුළු සලමින් මා සමග කිව්වේ ඇයි හාමුදුරුවනේ මේ උතුම් ජීවිත මග අපිට කලින් නොපෙන්නුවේ කියලයි. එයින්ම තේරෙනවා මේ අය මොන තරම් පීඩනයකින් සිටින්න ඇත්ද කියලා.
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අය පැවිදි වන්නේ රැල්ලට නොවේ. අභූත භක්තියකින් නොවේ. 
හොඳ අවබෝධයක් මේ අයට තිබෙන්නේ. ඒ වගේම මේ අය නුගතුන් නොවේ. මහාචාර්යවරු, නීතිඥවරු, දොස්තරවරු මේ අය අතරේ ඉන්නවා. මේ කණ්ඩායමේ එකම පවු‍ලේ බිරිය සැමියා පැවිදි වුණා. එහෙම අය කීප දෙනෙක්ම ඉන්නවා. 
මේ අය මැ‍ලේසියාව ඇතුළු විවිධ රටවලට ගිහින් තමන්ගේ ආධ්‍යාත්මික සුවය වර්ධනය කරගනිවි. මේ අය අතර ජීවිතාන්තය දක්වාම පැවිදි දිවියේ ඉන්න අය වගේම අතරමගදී වෙනස්වන අයත් සිටිනවා යැයිද ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියෝ පවසති.
තමන්ට ශ්‍රී ලංකාවට පැමිණ නිදහසේ පැවිදි දම් පිරීමට රට නිදහස් කර දුන් රණවිරුවන්ට උපහාර දැක්වීමටද මේ චීන ජාතික හිමිවරු අමතක නොකළහ. මහනුවර නගරයේ පිඬු සිඟා වැඩ ලැබුණු සියලුම ආහාර බෙහෙත් හෙත් ආදිය රණවිරුවන්ට පරිත්‍යාග කිරීමට තරම් චීන හිමිවරු කාරුණික වූහ.

2012 ජූනි 09 වෙනි සෙනසුරාදා, ලක්බිම 
ධර්ම ශ්‍රී තිලකවර්ධන

free counters